Skip to content
V
හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන්නි නියමු නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි
featured news - උණුසුම් පුවත්

හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන්නි නියමු නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි

By News Room · 2 December 2025

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වන නිර්මාල් සියඹලාපිටිය, ගෲප් කපිතාන් තනතුරට උසස් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව, ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අනතුරට පත් එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් ගුවන් නියමුවා ඇතුළු නිලධාරින් 05 දෙනා මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දැරූ අතර, අනතුරින් පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී, නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නියමුවරයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026