Skip to content
V
හොර හරක් ලොරියකට පානදුරේදී වෙඩි
featured news - උණුසුම් පුවත්

හොර හරක් ලොරියකට පානදුරේදී වෙඩි

By News Room · 30 September 2024

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් අණ කර තිබේ. එහිදී එම ලොරිය අණ තොතකා සැක සහිත ලෙස ඉදිරියට ධාවන කර ඇති අතර පසුව පොලීසිය විසින් එම රථයට වෙඩි තබා ඇත. 

එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.පොලීසිය පැවසුවේ මෙම අවස්ථාවේ දී ලොරි රථයෙන් ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026