Skip to content
V
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් දැලේ
featured news - උණුසුම් පුවත්

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් දැලේ

By News Room · 31 October 2024

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි  විසි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.ඊට අමතරව ලොරි රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙසේ අත් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි (41) ඇවිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් විශේෂ කාර්ය බලකායට දැන්වීමෙන් අනතුරුව එහි විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු  නිලධාරී කණ්ඩායමක් බොරලැස්ගමුව, 10 කණුව හංදිය ඉදිරිපිට මාර්ග සංඥා කුළුණ අසලදී වැටලීමක් සිදුකර තිබුනි.එහිදි හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910  හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17 , ජංගම දුරකථනයක් සමග පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට හැකි වූ අතර පසුව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම සඳහා භාවිතා කළ  ලොරි රථයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026