Skip to content
V
හෙරොයින් කිලෝ 2ක් සමග පුද්ගලයෙක් මුල්ලේරියාවේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

හෙරොයින් කිලෝ 2ක් සමග පුද්ගලයෙක් මුල්ලේරියාවේ දී අත්අඩංගුවට

By News Room · 29 January 2025

මුල්ලේරියාව පොලිස් වසමේ උඩමුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (28) අලුයම මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී නිවසක සිදුකළ වැටලීමෙන් හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 218ක්, එම ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 667,000ක්, ජංගම දුරකථන 03ක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදාගත් කාර් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026