Skip to content
V
හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

By News Room · 3 February 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.

2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත. ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026