Skip to content
V
හෝමූස් හරහා යාමට උත්සාහ කළ ඉරාන නෞකාවක් ඇමරිකාව ආපසු හරවා යවයි
featured news - උණුසුම් පුවත්

හෝමූස් හරහා යාමට උත්සාහ කළ ඉරාන නෞකාවක් ඇමරිකාව ආපසු හරවා යවයි

By News Room · 16 April 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. මෙලෙස ආපසු හරවා යාවා ඇති නෞකාව ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ USS Spruance (DDG-111) ප්‍රහාරක නෞකාව මඟින් බව වාර්තා වෙයි. මෙම නෞකාව සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 10ක් පමණ අමෙරිකාව විසින් මේ වනවිට හරවා යවා ඇති බව වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති නාවික අවහිර කිරීම ක්‍රියාත්මක වී අදට දින තුනකක් ගතවී ඇත. මෙම අවහිර කිරීමේ අරමුණ වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ලෝක තෙල් ප්‍රවාහය (සමස්තයෙන් 20%ක් පමණ) පාලනය කරමින් ඉරානයට පීඩනයක් එල්ල කිරීමය.‍

අමෙරිකානු හමුදා පවසන්නේ, මෙම මෙහෙයුම සඳහා සෙබළුන් 10,000කට වැඩි පිරිසක්, යුද නැව් 12කට අධික ප්‍රමාණයක් සහ ගුවන් යානා රැසක් යොදාගෙන ඇති බවය. එසේම, ඉරානයට සම්බන්ධ නොවන නෞකා සඳහා හෝමූස් හරහා ගමනාගමනයට අවසර හිමිව තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026