Skip to content
V
හෝමාගම පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසු ගැටුමකින් සිසුවෙකු ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

හෝමාගම පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසු ගැටුමකින් සිසුවෙකු ජීවිතක්ෂයට

By News Room · 10 April 2026

හෝමාගම ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්, එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු මියයෑමට අදාළව තවත් කරුණු අනාවරණය වී තිබේ. අදාළ විශ්වවිද්‍යාලය විසින් ඊයේ (9) දිනයේදී අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.

එම අවුරුදු උත්සවයේ සියලු කටයුතු පස්වරු 6ට පමණ අවසන් වී ඇත. 

කෙසේ වෙතත් අනතුරුව එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාත්‍රියේ පෞද්ගලිකව සාදයක් සංවිධානය කර තිබිණි. 

එම සාදය පැවැත්වෙන අතරවාරයේ දී සිසුවියක් වැසිකිළියාමට ගොස් ඇති අතර, එහිදී ඇය පසුපස සිසුවෙකුද ගොස් තිබේ.

එය දුටු එම සිසුවියගේ මිතුරෙකු (මරණයට පත් වූ ශිෂ්‍යයා), ඇය පසුපස ගිය සිසුවාට පහරදීමක් සිදුකර ඇත. එම අවස්ථාවේදී පහරකෑමට ලක්වූ සිසුවාගේ යහළුවන් පිරිසක්, පහරදුන් සිසුවාට දැඩි ලෙස පහරදී  පළාගොස් තිබේ. පහරකැමෙන් බරපතළ තුවාල ලැබූ එම සිසුවා හෝටල් සේවකයින් විසින් රෝහල් ගත කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඒ වන විටත් අදාළ සිසුවා මරණයට පත්ව සිට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 5දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026