Skip to content
V
හින්දු කෝවිලක පෙරහැරට රැගෙන ආ අලියෙකුගෙන් පුද්ගලයෙකුට ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

හින්දු කෝවිලක පෙරහැරට රැගෙන ආ අලියෙකුගෙන් පුද්ගලයෙකුට ප්‍රහාරයක්

By News Room · 13 March 2025

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු පුද්ගලයෙකුට පහරදී තිබේ.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත්, තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු පැවසීය. ඊයේ (12) දින හින්දු කෝවිලේ පෙරහැර අවසන්වී අලියා විවේක ගැනීම සඳහා කෝවිල් පරිශ්‍රයේ ස්ථානයක බැඳ සිටියදී පුද්ගලයෙකු අලියාට ආහාර ලබාදීමට උත්සාහ කර තිබුණි. එම අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටීම නිසා පහර කෑමට ලක්වු පුද්ගලයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රහාරයට ලක්වී තිබේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026