Skip to content
V
හෙට පැවැත්වෙන විපක්ෂයේ රැළියට විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්
featured news - උණුසුම් පුවත්

හෙට පැවැත්වෙන විපක්ෂයේ රැළියට විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්

By News Room · 20 November 2025

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

එම කාලය තුලදී රියදුරන්ට සහ මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා පොලිසිය පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම්දෙනු ලබන්නේ.

ඒ අනුව, කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කල හැකියි.

එමෙන්ම, පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට කල ගමන් කල හැකියි.

තවද, මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කල හැකියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026