Skip to content
V
හෙට නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් 285කට ජනාධිපති සමාව
featured news - උණුසුම් පුවත්

හෙට නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් 285කට ජනාධිපති සමාව

By News Room · 3 February 2025

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවියන් 6ක් ඇතුළත් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.  

එහිදී වාරියපොළ බන්ධනාගාරයෙන් රැඳවියන් 33ක්, මහර බන්ධනාගරයෙන් රැඳවියන් 31ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 22 ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 15ක් ලෙස රටපුරා සියලුම බන්ධනාගරවලින් රැඳවියන් නිදහස ලබන බවත් එම පිරිස හෙට පෙරවරුවේ නිදහස් කරන බවත් දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026