Skip to content
V
හෙට දිස්ත්‍රික්ක කීපයක සුනාමි පෙරහුරුවක්
featured news - උණුසුම් පුවත්

හෙට දිස්ත්‍රික්ක කීපයක සුනාමි පෙරහුරුවක්

By News Room · 4 November 2025

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය අභ්‍යාසයක් ලෙස සංවිධානය කර ඇත.

ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාසය අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිතවන සුනාමි තත්ත්වයකදී එක් එක් ආයතන තම ආයතනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ මේ තුළින් රාජ්‍ය නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමට නියමිතය.

ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් වේ. ප්‍රධාන පෙරහුරුව කළුතර දිස්ත්‍රික්කයේ නොවැම්බර් මස 5 වනදා උදෑසන 8.30ට ආරම්භ වේ.

මෙය යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වනු ලබන විශේෂ අභ්‍යාසයක් පමණක් වන අතර, මෙම වැඩසටහන පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026