Skip to content
V
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
featured news - උණුසුම් පුවත්

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

By News Room · 30 December 2024

නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි රථ නැවතුම් පොළවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියලුම රථවාහන පිටකොටුව බැස්ටියන් මාවත පරණ මැනිං වෙළෙපොළ, කොටුව විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල චාමන්ස් රථගාල, රාෆික් ෆරීඩ් මාවත හේමාස් රථගාල, ඩී.ආර්. විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල, කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල සහ මරදාන ගාමිණී වටරවුම ශාන්ත ක්ලෙමන්ට් රථගාල යන නැවතුම්පොළවල වාහන නැවැත්වීමට හැකියාව ඇත.

එමෙන්ම මුදල් ගෙවීමකින් තොරව කොටුව, බාලදක්ෂ මාවත එම්.ඕ.ඩී. රථගාල, කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගය, කොටුව හා මරදාන ඩී.ආර්. විජයවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය පාසන්ස් පාර පිටවීමේ තීරුව, කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය, ඩියුක් වීදිය, වැල්ලවත්ත සැවෝයි අසල සිට බගතලේ පාර හන්දිය දක්වා නැවතුම් ස්ථාන, කුරුදුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් කුළුණ වටරවුම සිට පුස්තකාල වටරවුම දක්වා, කුරුදුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්. සේනානායක මාවත, රීඩ් මාවත, තර්ස්ටන් හන්දිය, නිදහස් චතුරස්‍රය, මෙට්ලන්ඩ් පෙදෙස පදනම් ආයතන පාර යන ස්ථානවල වාහන නැවැත්විය හැකිය.

කොළඹින් පිටවන බර වාහන හා බස් රථ සෙරමින් හන්දිය රීගල් හින්දිය ඔස්සේ ඩී.ආර්. විජේවර්ධන මාවත සහ චිත්තම්පලම් ඒ. ගාර්ඩ්න් මාවතෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසටත් සැහැල්ලු වාහන සෙරමික් හින්දියෙන් ලෝටස් පාර, එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර එම්.ඕ.ඩී. හන්දියට පැමිණ බාලදක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරාන්නද මාවත, ශාන්ත මයිකල් වටරවුම සහ ලිබර්ටි වටරවුම දෙසින් පිටවිය හැකිය.

ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය ඔස්සේ කොළඹට ඇතුළුවීම සිදුකළ හැකි අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළු විය හැකිය.

මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කිසිදු රථවාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝනය කරනු ලබන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026