Skip to content
V
හිටපු හමුදාපතිවරුන්ට සම්බාධක පැනවීම ගැන මහින්දගෙන් නිවේදනයක්
featured news - උණුසුම් පුවත්

හිටපු හමුදාපතිවරුන්ට සම්බාධක පැනවීම ගැන මහින්දගෙන් නිවේදනයක්

By News Room · 26 March 2025

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, 

"අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බව සැලකිය යුතුය. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකළ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ."

"දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේද ජීවිත නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වෙන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය." 

"එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි."

යුද්ධය අවසන්වී මාස කිහිපයකට පසු, යුද කාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට, දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත්තේය. බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභා වේ."

"2004දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගත් පියවරක් බව පැහැදිලිය."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026