Skip to content
V
හිටපු මහබැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට අධිචෝදනා
featured news - උණුසුම් පුවත්

හිටපු මහබැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට අධිචෝදනා

By News Room · 22 August 2024

2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595.00ක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශණයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චූදිතයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

මෙහි චූදිතයින් පහතින් දැක්වේ.

1. නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, හිටපු මහ බැංකු අධිපති

2. කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ

3. බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා

4. චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන

5. හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026