Skip to content
V
හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන දූෂණ මර්දනයෙන් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන දූෂණ මර්දනයෙන් අත්අඩංගුවට

By News Room · 28 September 2025

ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිළධාරින්ට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අද (28) දිනයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. නීති විරෝධී ලෙස මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බව සඳහන් වේ. මෙහිදී ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් සොයාගෙන ඇත.

රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචිකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026