Skip to content
V
හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට

By News Room · 24 February 2026

2023 වසරේ දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගතව සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දී දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2023 වසරේ දෙසැම්බර් 31වනදා වැලිගම - පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්තව සිටි පොලිස් සාජන්වරයෙකුට දිවි අහිමි වූ අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය.

වැටලීමක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබූ අතර, පසුව වෙඩි තැබීම සිදුකළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් ප්‍රති ප්‍රහාර එල්ල කළ බව වාර්තා වුණි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණු අතර, අදාළ සිද්ධියට එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට ඍජුවම චෝදනා එල්ල වූ අතර පසුව ඔහුව වැඩතහනමට ලක් විය.

ඒ අනුව වැඩතහනමට ලක්වුණු එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව පත්කරනු ලැබීය.

පසුව අදාළ කමිටු වාර්තාව මඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ලෙස නම් කරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026