Skip to content
V
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 දක්වා කල් යයි
featured news - උණුසුම් පුවත්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 දක්වා කල් යයි

By News Room · 29 October 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව එළැඹෙන ජනවාරි 28වනදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළේය. අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අධිකරණයට පැමිණියේය.

එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙසය.

එමෙන්ම ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය. ඉන් අනතුරුව අදාළ නඩුව 2026 වසරේ ජනවාරි 28 වනදා කැඳවීමට ද නියම විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026