Skip to content
V
හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට

By News Room · 23 December 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ඇති. මේ වන විට එම ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ගණන ද අඩුකර ඇති අතර රජය පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ඇති බවය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස 06කට වරක් සමාලෝචනය කර, ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කරන බව ද රජය සඳහන් කළේය. ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කළ ද හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්වයක් ඇති වීමට ඉඩ නොතබන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමග මෙලෙස ඔවුන්ගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට රජය තීරණය කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026