Skip to content
V
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද යළි අධිකරණය හමුවට
featured news - උණුසුම් පුවත්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද යළි අධිකරණය හමුවට

By News Room · 24 June 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම, පසුගිය ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස ද අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවලදී පමණක් බවත්, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම යනු, කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් එල්ල කර නොමැති බව ද පැවසුවා. 

එසේම, කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් විසින් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ඔහු, කිසිදු පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශන අංශ කටයුතු කර තිබෙන බවට ද චෝදනා කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර, පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී පැවසූ අතර අනතුරුව පෙත්සම සලකා බැලීම අද දක්වා කල් තබා තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026