Skip to content
V
හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්
featured news - උණුසුම් පුවත්

හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්

By News Room · 12 November 2024

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 

ඖෂධ ගෙන්විම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්,මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු 18⁣දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන  ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අවසර දෙමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026