Skip to content
V
හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වේ
featured news - උණුසුම් පුවත්

හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වේ

By News Room · 23 August 2024

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ මහතාගේ මුණුපුරකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ රුක්මන් සේනානායක මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

අද (24) පෙරවරුවේ බොරැල්ලේ පිහිටි නිවසේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය. 1948 වසරේ ජුනි මස 21වැනි දින උපත ලැබූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවුණි.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1973 වර්ෂයේ පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ රුක්මන් සේනානායක මහතා 2004වසර දක්වා වරින් වර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබීය.එක්සත් ජාතික පක්ෂ රජයේ පරිසර අමාත්‍ය ධුරයේ ද කටයුතු කරනු ලැබූ ඔහු 2007 වසරේදී එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයට ද පත්වුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026