Skip to content
V
හිටපු අමාත්‍යවරුන්ගේ නිල නිවාස හා බංගලා නැවත වහාම භාර දෙන ලෙස ඉල්ලයි
featured news - උණුසුම් පුවත්

හිටපු අමාත්‍යවරුන්ගේ නිල නිවාස හා බංගලා නැවත වහාම භාර දෙන ලෙස ඉල්ලයි

By News Room · 27 September 2024

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක්.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් භාවිත කිරීමට හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අවසර දී ඇති බව වාර්තාවනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසුදින එම නිවාස යළි භාරදිය යුතු වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබාදී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුලු පහසුකම්ද පාර්ලමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026