Skip to content
V
හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

By News Room · 29 April 2026

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එක් අයකු මියගොස් 22 දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් තුවාල ලැබූවන් අතර එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 22 දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසනවා. ‍ අද (29) පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයෙදියි.

ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි දික්ඔය මුලිකක රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026