Skip to content
V
හොංකොංහි බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි
featured news - උණුසුම් පුවත්

හොංකොංහි බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි

By News Room · 7 May 2025

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ. මෙම වෙන්දේසිය අද (7) සිදුකිරීමට නියමිතව තිබූ අතර, එය ආරම්භවීමට පැය කිහිපයකට පෙර මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්ය. 

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මෙම මැණික් තොගය වෙන්දේසියේ විකිණීම වහාම නතර කර කෞතක වස්තු ඉන්දියාව වෙත ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ වෙන්දේසි ආයතනය වන හොංකොං හි සොතෙබිස් වෙත නීතිමය ලිපියක් යැවීමට ඉන්දියාව පියවර ගෙන තිබුණි.

එම ලිපියෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

1898 දී උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා හි ස්තූපයකින් බුදුන් වහන්සේට අයත් යැයි හඳුනාගත් අස්ථි කොටස් සමග මෙම මුතු, මැණික්, නිල් මැණික්, රත්‍රං ඇතුළු ආභාරණ 1,800කට ආසන්න ප්‍රමාණයක් සොයා ගනු ලැබීය. මෙම භාණ්ඩවල වටිනාකම හොංකොං ඩොලර් මිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026