Skip to content
V
හොංකොං සික්සස්  ක්‍රිකට් තරගාවලියේ ශූරතාව  ලංකාවට
featured news - උණුසුම් පුවත්

හොංකොං සික්සස්  ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට

By News Room · 9 November 2025

හොංකොං සික්සස්  ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්ය. හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් දිනය අදයි. හොංකොං සික්සස්  බඳුන ශූරතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පෙරවරු 11:30ට පමණ ඇරඹුණි.

එහිදි පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය. සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේය.

ලකුණු 107ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 85ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය ලකුණු 21ක් ජයගනිමින් මෙවර හොංකොං සික්සස්  ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාව දිනාගැනීමට සමත් විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026