Skip to content
V
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට
featured news - උණුසුම් පුවත්

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලංකාවට

By News Room · 3 November 2024

පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණදෙමින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත් විය.

ඊට අමතරව නායක ලහිරු මධුසංක පන්දු 5කදී ලකුණු 19ක්ද, තරිඳු රත්නායක පන්දු 4කදී නොදැවී ලකුණු 16ක් රැස්කිරීමට සමත් විය. මෙම තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට මීට වසර 17කට පෙර එනම් 2007 වසරේදී ශූරතාවක් දිනා තිබුණි.

ඊට අමතරව 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව ද දිනා ඇත. හොංකොං ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ 1992 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියට වසර 32කට (1992 සිට) වැඩි අතීතයක් ඇත.

කෙසේ නමුත් 2017 වසරෙන් පසු මෙය පැවැත් වූ පළමු අවස්ථාව මෙයයි. වසර 7කට පසුව පැවැත් වූ මෙම තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026