Skip to content
V
හලාවත නිවසක් ගිනි ගැනීමේ සිද්ධිය ඝාතනයක් බව හෙළිවෙයි
featured news - උණුසුම් පුවත්

හලාවත නිවසක් ගිනි ගැනීමේ සිද්ධිය ඝාතනයක් බව හෙළිවෙයි

By News Room · 20 October 2024

හලාවත නගරයෙ සිංහපුර ප්‍රදේශයෙ නිවසක කෝටිපති ව්‍යාපාරිකයා හා ඔහුගේ බිරිද හා දියණිය මරා දමා සිරුරු පුළුස්සා නිවස තුළ තිබියදී 20 උදෑසන සොයා ගැනිමට හැකිවු බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරා දමා ඇත්තේ නිවසේ සැමියා වු 52 හැවිරිදි එස්.ජී.සේනාරත්න, බිරිද 43 හැවිරිදි මංජුලා නිරෝෂනී හා 15 හැවිරිදි දියණිය වු නෙත්මි නිමේෂා ඇතුළු පිරිස බව කියයි.

ඝාතනයට ලක්වු නිවෙස් හිමියා වු එස්.ජී.සේනාරත්න මහතා හලාවත නගරයෙ පර්ල් ලැන්ඩ් සේල් නැමති ඉඩම් කැබලි කර අලේවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ සමග ඔහුගේ බිරිද වන මංජූලා නිරෝෂනී මහත්මිය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංවර්ධන නිළධාරීනියක් ලෙස මුන්නේෂ්වරම වසම භාරව කටයුතු කර ඇති බවද ඒ සමගම දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 එෆ් ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බව කියයි.

මෙම පිරිස ඔවුන්ට හිමි හලාවත සිංහපුර ප්‍රදේශයෙ පිහිටි නිවසේ සිටියදී ඉතා ආවාසනාවන්ත ලෙස  ඝාතනයට ලක්වි ඇති බවත් බිරිදි නිදන කාමරය තුලදි ගෙල කපා දමා සයනය තුළම ගිනි තමා මරා දමා ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026