Skip to content
V
හරක් කටා ට පළායාමට උදව් කළ කොස්තාපල් දිවයින්ට රැගෙන එයි
featured news - උණුසුම් පුවත්

හරක් කටා ට පළායාමට උදව් කළ කොස්තාපල් දිවයින්ට රැගෙන එයි

By News Room · 19 February 2025

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ, මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ, පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (19) දින පස්වරුවේ රැගෙන විත්  තිබුණි.

මොවුන් අතරින් පළමු වැන්නා නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පළා යාම සදහා උදව් උපකාර කළ බවට සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සන්දීප ගුණසේකරය. ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

අනෙක් පුද්ගලයා මිනීමැරුම්, වෙඩි තැබීම් රාශියකටම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද යන අයයි. කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026