Skip to content
V
හරක් කටාට පළා යාමට උදව් කළ කොස්තාපල් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
featured news - උණුසුම් පුවත්

හරක් කටාට පළා යාමට උදව් කළ කොස්තාපල් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

By News Room · 24 February 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී හරක් කටා හෙවත් නඳුන් චින්තක ඉන් පැන්නීමට සැලසුම් කළ සිද්ධියේ විදේශයක සිට මෙරටට රැගෙන පැමිණි පොලිස් කොස්තාපල් සංදීප චින්තක ගුණසේකර යන අය දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා පසුගිය (19) වැනිදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආවා. හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියදී මොහු ඉන් පලායෑමට සැලසුම් සකස් කර තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදායි.

එම සැලසුම මිදිගම රුවන් නමැති පාතාල නායකයා විසින් මෙහෙයවූ අතර ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම සැලසුමේ ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඉරිදා දිනයකදී ‘හරක් කටා’ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහු ඉන් පලායෑමට සැලසුම් කර තිබුණා. එදින රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට මත්වන බෙහෙත් ගැල්වූ කිරිටොෆි කෑමට ලබා දී ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරයා ‘හරක් කටා'ට ඉන් පලායෑමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

ඒ අනූව ‘හරක් කටා’ වැසිකිළියට රැගෙන ගිය අවස්ථාවේ ඔහුගේ දෑතේ විලංගු ගලවා එයට නැවත යතුරු නොදමා රැගෙන ඒමට කටයුතු කර තිබුණේ මෙම කොස්තාපල්වරයා විසින් බවයි අනාවරණය වී තිබෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026