Skip to content
V
හබරණ - මින්නේරිය මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 16 දෙනෙක් රෝහලේ
featured news - උණුසුම් පුවත්

හබරණ - මින්නේරිය මාර්ගයේ බස් රථ දෙකක් ගැටී 16 දෙනෙක් රෝහලේ

By News Room · 29 January 2025

හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පැවසේ. අද (29) උදෑසන 11:00ට පමණ පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් ද සිටින බව වාර්තා වෙයි.

පුද්ගලික බස් රථය කටුනායක සිට සිරිපුර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලික බස් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසියට සැක පළ කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026