Skip to content
V
'හදිසි තත්ත්වය දීර්ඝ කිරීම' වැඩි ඡන්දයෙන් සම්මතයි
featured news - උණුසුම් පුවත්

'හදිසි තත්ත්වය දීර්ඝ කිරීම' වැඩි ඡන්දයෙන් සම්මතයි

By News Room · 9 April 2026

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම)  වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 137ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 27ක් පමණි.

සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුද, ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළ අතර, ඒ අනුව ඡන්ද විමසීම පැවැත්විණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026