Skip to content
V
සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ
featured news - උණුසුම් පුවත්

සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ

By News Room · 6 November 2024

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීය. එහිදී වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු නිදහස් කරන බවත්, නඩුව පවත්වාගෙන යාමට කරුණු නොමැති බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින අතර ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මව්වරුන් 4,000කට පමණ වඳ සැත්කම් සිදුකළැයි චෝදනා එල්ල වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාව 2019 මැයි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026