Skip to content
V
සිංහරාජ වනාන්තරය තුළ මාර්ගයක් ඉදිකිරීමට එරෙහි නඩුව කල්යයි
featured news - උණුසුම් පුවත්

සිංහරාජ වනාන්තරය තුළ මාර්ගයක් ඉදිකිරීමට එරෙහි නඩුව කල්යයි

By News Room · 28 October 2024

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියම කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිම සඳහා රජයේ නීතිඥවරයෙකු පත්කර නොමැති බව සඳහන් වුණි. මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් නඩු කල්යාම නුසුදුසු බව සඳහන් කර සිටියේය.  එබැවින් මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත්කළ  යුතු බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 23 වදා දක්වා කල් තැබීය.

ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට 2021 වසරේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තීරණයක් ගෙන තිබූ බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර නිසි පාරිසරික ඇගයීමක් සිදු නොකළ බැවින් එම තීරණය ජාතික වන භූමි පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් පෙත්සම්කරුවන් සඳහන් කළේය. 

එබැවින් අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ මංමාවත් පුළුල් කිරීමේ කටයුතුවලදී වනාන්තරයට සිදුකළ විනාශයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026