Skip to content
V
සිසුවෙකුට මරු කැඳවූ රිය අනතුර
featured news - උණුසුම් පුවත්

සිසුවෙකුට මරු කැඳවූ රිය අනතුර

By News Room · 18 October 2024

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ (17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.

නාඋල විදුලි බල මණ්ඩලය ඉදිරිපිට දී  ඊයේ(17) වැනි දා පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ  කැකුළන්දර මුදියාන්සේලාගේ දාසය හැවිරිදි ප්‍රේමෝත් සත්සර නැමති නාඋල - පෙනලබොඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. කැබ් රථයේ රියදුරු හසලක බෝමළුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ(17)වැනි දා නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026