Skip to content
V
සිසිල් බීම කියා ඩීසල් පානය කළ දරුවෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

සිසිල් බීම කියා ඩීසල් පානය කළ දරුවෙක් ජීවිතක්ෂයට

By News Room · 24 March 2025

සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවය.

දරුවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබු අතර, ප්‍රතිකාර අතරතුර දරුවා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ. එලෙස මියගොස් ඇත්තේ, යාපනය, කයිට්ස්, නාරාත්තනෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද්දයි මාස නමයක් වු දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026