Skip to content
V
සෙලෙන්ස්කී සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
featured news - උණුසුම් පුවත්

සෙලෙන්ස්කී සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

By News Room · 28 February 2025

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.

වසර 3 ක් ඔඩුදුවා ඇති රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී සිටින අතර, ජනපති ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වාසි වන ආකාරයට තීන්දු තීරණ ගන්නා බවට යුක්රේන ජනාධිපති චෝදනා නගයි. 

මෙම චෝදනා සම්බන්ධයෙන්, ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති අතර, ඒ සියල්ල විසඳා ගැනීම මෙම හමුවේ අරමුණ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබුණි.

යුක්රේනය සතු වටිනා ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, යුක්රේනය සහ ඇමෙරිකාව අතරේ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා ගිවිසුමකට අත්සන් කිරීමට ද නියමිතව ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026