Skip to content
V
සෝල් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් 39 දක්වා ඉහළට - දකුණු කොරියාවට දැඩි රශ්මියක්
featured news - උණුසුම් පුවත්

සෝල් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් 39 දක්වා ඉහළට - දකුණු කොරියාවට දැඩි රශ්මියක්

By News Room · 6 August 2026

දකුණු කොරියාවට දැඩි ලෙස බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය අගනුවර වන සෝල් නගරයේදී අද (06) උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඒ අනුව අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (ෆැරන්හයිට් 102) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙම අක්‍රමවත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

අධික උණුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට ජනාධිපති ලී ජේ මියුං පවසා ඇත්තේ "අප කිසි දිනක අත්විඳ නැති පරිමාණයේ අධික උණුසුමක් දිනෙන් දින අඛණ්ඩව පවතී. මීට පෙර විදේශීය ප්‍රවෘත්ති වාර්තාවලින් පමණක් දුටු උණුසුම් කාලගුණ තත්ත්වයන් දැන් අපගේ සැබෑ යථාර්ථය බවට පත්ව වෙලා ." යනුවෙනි.

එමෙන්ම දවසේ උණුසුම්ම පැය කිහිපය තුළ එළිමහන් සේවකයන් සඳහා අනිවාර්ය විවේක කාල ලබා දීම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

මීට පෙර උණුසුම් කාලගුණයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදී බවත් එය සෙල්සියස් අංශක 39.6 ක් බවත් සඳහන් වේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026