Skip to content
V
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
featured news - උණුසුම් පුවත්

සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්

By News Room · 10 April 2025

දෙස් විදෙස් සැදැහැවතුන්ට ඉතා අභිමානවත් ලෙස පහසුකම් සහිතව ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

''සිරි දළදා වන්දනාව'' සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේ 18 වනදා සිට 28 වනදා දක්වා දින දහයක් පුරා පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, ලලිත් ඇටම්පාවල මහතා,

"පෝලිම් තුනකින් අපි ජනතාව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. වැව රවුම වටේ පෝලිම් දෙකක් සහ ඩී.එස් සේනානායක වීථිය ඔස්සේ තව පෝලිමක්. ඒ වගේම ප්‍රවාහන පහසුකම් ගත්තොත් එහෙම මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය, ශ්‍රීලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකතුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. නගරයට ගොඩක් වාහන ඇතුළු වුණොත් නගරයට කලින් ඒ වාහන නවත්වලා, ඒ අයව විශේෂ බස්රථවලින් ප්‍රවාහනය කරන්න කටයුතු යොදලා තියෙනවා. ආබාධ සහිත, මහලු වැඩිහිටි අයට අවශ්‍යතාවයක් වුණොත් නවාතැන් ගන්න කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සුදානම් කරලා තියෙනවා ඉදිරියේදී."

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් අධිකාරි ඩී.සී.ඩී. ඉලංගකෝන් මහතා පවසා සිටියේ, දළදා වහන්සේට පුජාකරන පුජා භාණ්ඩයක් හැර අන් කිසිවක් ඇතුළට රැගෙන යෑමට අවස්ථාවක් නොමැති බවය.

ජංගම දුරකථන රැගෙන ඒම තහනම් කර නොමැති වුවත් එය ක්‍රියාවිරහිත කර තබා ගත යුතු බවත් කිසිවිටෙකත් ඡායාරූප ලබාගැනීමට අවස්ථාවක් නොදෙන බව ද පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය. 

දළදා ප්‍රදර්ශනය පවතින උදෑසන 7.30 සිට රාත්‍රී 2 දක්වා වූ කාලය තුළ 35,000කට පමණ රාත්‍රී ආහාරය ලබාදීමේ කටයුතු ශ්‍රී දළදා මාළිගයෙන් සිදුකිරීමට නියමිතය.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026