Skip to content
V
'සියලුම පාකිස්තාන ජාතිකයින් ඉන්දියාවෙන් පිටවිය යුතුයි' - ඉන්දීය විදේශ අමාත්‍යාංශය
featured news - උණුසුම් පුවත්

'සියලුම පාකිස්තාන ජාතිකයින් ඉන්දියාවෙන් පිටවිය යුතුයි' - ඉන්දීය විදේශ අමාත්‍යාංශය

By News Room · 24 April 2025

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත.

ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ. මේ අතර මීට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම විශේෂ වීසා අවලංගු කරන බවය.

එමෙන්ම ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ගුවන් සේවා මගින් පවත්වාගෙන යන ගුවන්යානා සියල්ලටම තම ගුවන් කලාපය වසා දමන බවද පාකිස්තානය අවධාරණය කර තිබේ. සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව මේ වනවිට පාකිස්තාන ජාතිකයන්ට සිය රටින් පිටවන ලෙස දැනුම්දීමත් සමග පාකිස්තානය ඊට මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

අදාළ ප්‍රහාරයෙන් පසුව සුප්‍රකට අට්ටාරි දේශසීමා පිවිසුම වසා දැමීමට ඉන්දියාව තීරණය කළේය. එමෙන්ම නවදිල්ලි පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලයේ රැඳීසිටින පාකිස්තාන යුද, ගුවන් සහ නාවික උපදේශකවරුන්ට සතියක් තුළ රටින් පිටවන ලෙස ඉන්දියාව නියෝග කර තිබේ.

පාකිස්තානයේ රැඳීසිටින සිය ආරක්ෂක උපදේශකවරුන් ද ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කර ඇත. මේ අතර 1960 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ඉන්දු ජල ගිවිසුම ද අත්හිටුවීමට ද ඉන්දියාව පියවර ගෙන තිබුණි.

ඉන්දියාවට අයත් ඉන්දු ගංඟාව සහ එහි අතු ශාඛාවලින් පාකිස්තානයේ මිලියන ගණනකට සංඛ්‍යාවකට ජලය සැපයෙන අතර ජලයේ අයිතිය මුල්කර ගනිමින් අවස්ථා කිහිපයකදී දෙරට අතර යුද ගැටුම් ද ඇතිවිය.

කෙසේවෙතත් මෙම තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානය වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දු ගංඟාවල ජලය පාකිස්තානය වෙත ගලාඒම නතර කිරීමට ඉන්දියාව යම් උත්සාහයක් ගතහොත් එය යුදමය හැසිරීමක් ලෙස සලකන බවය.

ඊට එරෙහිව තම රටේ සමස්ත බලයම යෙදවීමට පියවර ගන්නා බව පාකිස්තානය අවධාරණය කර තිබේ. මේ අතර ඉන්දියාව විසින් වීසා අවලංගු කිරීමට ගත් තීරණය නවදිල්ලියේ සිටින පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට බලනොපාන අතර එහෙත් මීට දින කිහිපයකට පෙර ඉන්දීය නියෝග මත ඔවුන්ගේ සංඛ්‍යාව අඩුකර ඇති බව සඳහන් ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026