Skip to content
V
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
featured news - උණුසුම් පුවත්

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට

By News Room · 5 November 2024

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලිකව ද අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඊට අදාළ උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි. එමෙන්ම, අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026