Skip to content
V
සුමේධ රණසිංහගෙන් ජාතික වාර්තාවක්
featured news - උණුසුම් පුවත්

සුමේධ රණසිංහගෙන් ජාතික වාර්තාවක්

By News Room · 9 March 2025

හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය. දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය. එහිදී සුමේද මීටර 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

ඔහු විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

මේ අතර සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාවයත් සමග ඔහු  එළැබෙන සැප්තැම්බර් මස ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජුව සුදුසුකම් ලබා ගත්තේය.

ඔහු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව, ඒ සදහා ඍජුව සුදුසුකම් ලැබූ ⁣පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද  වාර්තා අතරට එක්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026