Skip to content
V
සෞදි අරාබිය රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවයි
featured news - උණුසුම් පුවත්

සෞදි අරාබිය රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවයි

By News Room · 7 April 2025

සෞදි අරාබිය විසින් රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය යන රටවල්වලට මෙසේ වීසා තහනමක් පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළුවීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර බවත්, පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටින නිසා අධික තදබදය සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළුවන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බවත්, මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා තාවකාලිකව වීසා අත්හිටුවීමට අදහස් කරන බවයි සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026