Skip to content
V
සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක්
featured news - උණුසුම් පුවත්

සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක්

By News Room · 30 July 2025

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට අපහාසාත්මකවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් යූටියුබ්කරුවකුවන සුදත්ත තිලකසිරිට එරෙහිව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් අද වාරණ නියෝගයක් නිකුත් කළා.

එම වාරණ නියෝගය අගෝස්තු මස 07 වැනිදා දක්වා බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා. එදින මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකාර සුදත්ත තිලකසිරි වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කළා. හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විසින් සිය සේවා දායකයාට එරෙහිව අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර තිබෙන බවත්, එවැනි අනීතික කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත්, අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026