Skip to content
V
සිඩ්නි නුවර වෙඩිතැබීමේ දී තුවක්කුකරුවෙකු නිරායුධ කළ අහමඩ් අල් අහමඩ්ට ත්‍යාග මුදල් රැසක්
featured news - උණුසුම් පුවත්

සිඩ්නි නුවර වෙඩිතැබීමේ දී තුවක්කුකරුවෙකු නිරායුධ කළ අහමඩ් අල් අහමඩ්ට ත්‍යාග මුදල් රැසක්

By News Room · 16 December 2025

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi වෙරළ තීරයේහි සිදු වූ වෙඩි තැබීමේදී තුවක්කුකරුවෙකු නිරායුධ කරමින් ජීවිත රැසක් බේරාගත් අහමඩ් අල් අහමඩ් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ත්‍යාග මුදල් ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, අහමඩ්ගේ සුවය සඳහා පිහිටවූ GoFundMe අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරය දිනක් ඇතුළත ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1කට (එක්සත් ජනපද ඩොලර් 744,000කට ආසන්නය) වඩා රැස් කර තිබෙනවා.

තුවක්කු ප්‍රහාරයකින් තුවාල ලබා ශල්‍යකර්මයකට භාජනය වී රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුර මෙම ත්‍යාග මුදල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අහමඩ් අල් අහමඩ් (43) නම් වූ දෙදරු මුස්ලිම් පියෙක් වන ඔහු, සිද්ධිය වූ අවස්ථාවේ නවතා තිබූ මෝටර් රථ පිටුපසයි සැඟවී සිට ඇත්තේ.

පසුව ඔහු පිටුපසින් ගොස් එක් වෙඩික්කරුවෙකුට පහර දී ඔහුගේ රයිෆලය උදුරාගෙන බිම දමා ගැනීමට සමත් වූවා. බලධාරීන් පවසන්නේ, අහමඩ්ගේ මෙම වීර ක්‍රියාව නිසා තවත් ජීවිත හානියක් වීම වැළකුණු බවයි.

ඔස්ට්‍රේලියානු පොලිසිය ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරය 50 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා විසින් ඉරිදා සවස යුදෙව් සැමරුමක් අතරතුර සිදු කළ බවයි. මෙම සිදුවීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, බලධාරීන් මෙය පසුගිය දශක තුන තුළ රටේ සිදු වූ දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස හඳුන්වා දී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026