Skip to content
V
සංචාරක නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
featured news - උණුසුම් පුවත්

සංචාරක නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

By News Room · 8 November 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් නවසීලන්ත නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත.

ඒ අනුව, නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් සමත්වුණේ නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන එමිනි. අද දිනයේදී නවසීලන්තය වෙනුවෙන් කඩුල්ලකට ගොඩ නැගුණු ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. ඒ අනුව නවසීලන්තයට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.

මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් රැස්කළ අතර සැක් ෆෝක්ස් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 27කි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙඳී ගියේය. ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු  140ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කළේය.

තරග දෙකකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ අතර අද තරගයේදී කුසල් ජනිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම 20යි 20 ලකුණු රැසකළ පිතිකරු බවට පත්විය. ඔහු අභිබවා ගියේ හිටපු නායක තිලකරත්ත ඩ්ල්ෂාන්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026