Skip to content
V
සංචාරක ක්ෂේත්‍රයේ නිරත අයට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
featured news - උණුසුම් පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ නිරත අයට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

By News Room · 5 March 2025

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පැවසීය.

අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවය.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

මේ අතර සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට ද රජය මේ වනවිට තීරණය කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026