Skip to content
V
සීගිරියේ දී තායිලන්ත කාන්තාවක් කෝටි 7කටත් වැඩි කුෂ් තොගයක් පොලිසියට භාරදෙයි
featured news - උණුසුම් පුවත්

සීගිරියේ දී තායිලන්ත කාන්තාවක් කෝටි 7කටත් වැඩි කුෂ් තොගයක් පොලිසියට භාරදෙයි

By News Room · 13 February 2025

විදේශීය රටක නිෂ්පාදනය කරන ලද රුපියල් කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිගිරියට පැමිණි තායිලන්ත කාන්තාවක් විසින් අද (13) දහවල් සීගිරිය පොලීසියට භාරදී තිබේ. මෙම කාන්තාව ඇතුළු තායිලන්ත සංචාරකයන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 12ක සංචාරයක් ඊයේ (12) මෙරටට පැමිණ ඇත. ඔවුන් ගුවන්තොටුපොළේ සිට බස් රථයකින් සීගිරියේ හෝටලයකට පැමිණ තම තමන්ගේ ගමන්මලු පරික්ෂා කිරීමේදී එක් තායිලන්ත කාන්තාවකගේ ගමන්මල්ල මාරු වී ඇති බව හෙළිව තිබේ.

ඇය එම ගමන්මල්ල විවෘත කර බැලීමේදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය එහි තිබී ඇත. ඒ අනුව ඇය තමන් පැමිණි සංචාරක සමාගමේ මග පෙන්වන්නා සමග සීගිරිය පොලිසියට පැමිණ මෙම මත්ද්‍රව්‍ය තොගය භාර දී තිබේ. එම ගමන්මල්ලේ ග්‍රෑම් 600 බැගින් වූ පොලිතීන් මළුවල කුෂ් මත්ද්‍රව්‍ය පැකට් 23ක් තිබී ඇත. දඹුල්ල සහ අවට ප්‍රදේශවලින් ඉතිහාසයේ හමු වූ වැඩිම කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙය බව පොලීසිය පවසයි. මෙම සංචාරකයන් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබේ.

කෙසේ වෙතත් ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් නොවී මෙතරම් මත්ද්‍රව්‍ය තොගයක් පිටවුයේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් බවද පොලීසිය පවසයි. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026