Skip to content
V
'සිගරට් බද්ද ගහන විදිය වැරදියි' - හර්ෂ
featured news - උණුසුම් පුවත්

'සිගරට් බද්ද ගහන විදිය වැරදියි' - හර්ෂ

By News Room · 20 March 2025

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව සිගරට් බද්ද පනවන ආකාරය සම්බන්ධයෙන් යළි අලුතින් සිතා බලා තීරණය කළ යුතු බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට රජය විසින් සිගරට් සඳහා බද්ද පනවන විට විශමතාවක් නිර්මාණය වන බවත්, ඒ හේතුවෙන් අලුත් සිගරට් ඉදිරිපත් කර පුද්ගලයින් ඒ වෙත පොළඹවා ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ හේතුවෙන් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන සියලු දෙනා එක්වී සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026