Skip to content
V
සිංගප්පූරු ජාතිකයෙකු මෙරට පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටලයි
featured news - උණුසුම් පුවත්

සිංගප්පූරු ජාතිකයෙකු මෙරට පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටලයි

By News Room · 28 August 2024

සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක්,යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27)අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිගු කලක් තිස්සේ මෙම නීති විරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් ඇති අතර, යුද හමුදා බුද්ධි අංශය මගින් මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබුණා.

ඒ අනුව, සුරාබදු නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු මෙයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු එම ව්‍යාජ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ හා ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී එම ස්කාගාරයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද විදේශීය විස්කි බෝතල් 54ක්, එම බෝතල් සීල් කිරීම සඳහා යොදා ගන්නා මැෂින් 02ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026