Skip to content
V
සැකකරුවෙකු සෙවීමට මහජන සහය පතයි
featured news - උණුසුම් පුවත්

සැකකරුවෙකු සෙවීමට මහජන සහය පතයි

By News Room · 6 May 2025

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දින සීදූව පොලිස් වසමේ ලිනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් අදාළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකුට ටී - 56 ගිනිඅවියකින් වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

එහිදී එක් අයෙකුට තුවාල සිදුව තිබූ අතර ඒ අනුව සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව අදාළ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු මේ වනවිට පදිංචිය හැරගොස් පලාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මොහොමඩ් අස්මන් ශෙරීෆ්ඩීන් නැමති රද්දොළුගම, කටුවන පාර, හෝමාගම ලිපිනයේ පදිංචි අදාළ සැකකරුගේ ඡායාරූපයක් ඉහතින් දක්වා ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති - සීදූව - 071 8591637

පොලිස් ස්ථානය - සීදුව - 0112 253 522

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026